ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පාවා දීලා..?ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි..

South Africa Sri Lanka Cricket Leeg
By Sewvandhi Sep 16, 2021 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 තරග මාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් උවමනාවෙන් අඩු දක්ෂතා පෙන්වමින් තරගාවලිය පරාජය කරා ගෙන ගිය බවට ඇතැම් මාධ්‍ය සිදුකරන වාර්ථා කොන්දේසි විරහිතව තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම ඒ ආකාරයේ ක්‍රීඩක හැසිරීමක් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් හෝ වෙනයම් පාර්ශවයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවත් එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පන්දුවාර 20 තරගාවලිය සඳහා එක් වූයේ දකුණු අප්‍රිකාව සමග තරග තුනට දෙකක් ලෙස එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ක්‍රීඩක සංචිතය ම බවයි.

එම එක්දින තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළා පමණක් නොව ලෝක කුසලා කුසලාන තරගාවලිය සඳහා අත්‍යවශ්‍ය කරන ලීග් ප්‍රසාද් ලකුණු ප්‍රමාණයක් ද එක් කරගෙන එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළට පැමිණීමට ද හැකියාව ලබා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේ හෙයින් මෙලෙස වගකීම් විරහිත ලෙස සිදුකරන විවිධ මාධ්‍ය ප්‍රචාර හමුවේ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවට දැඩි බලපෑම් සිදු කරන බවත් එය එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් එකමුතුවෙන් නිවැරැදි දිශාවට ගමන් කරන බවත් පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ රිද්මය කරා ළඟා වෙමින් පවතින අයුරු මෙරට ක්‍රීඩා ලෝලීන් පවා අතිශය ධනාත්මක අයුරින් පිළිගත් බවත් එම නිවේදනයේ සඳහන්.

මාධ්‍ය සදාචාරය සහ රීතීන් උල්ලංඝනය කරමින් කිසිදු සොයා බැලීමකින් තොරව සිදුකරනු ලබන මෙවැනි සත්‍යයෙන් තොර ගොතන ලද ප්‍රචාරණ තුළින් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලි සඳහා වන ක්‍රීඩකයින්ගේ සූදානමට බලපෑම් සිදු නොකරන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now