දොස්තර මහත්තුරු කිව්වේ කොහොමහරි මාව රෝද පුටුවකට දාලා දෙන්නම් කියලා (PHOTOS)

By Sithumi Nov 30, 2021 05:02 PM GMT
Sithumi

Sithumi

Report

වික්ටර් රත්නායක කියන්නේ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කළ අසහාය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත එදා මෙන්ම අදත් සමාජය අතර අතිශය ජනප්‍රිය වෙමින් රසික රසිකාවියන් උමතුවෙන් මෙන් තවමත් රසවිඳිනවා.

ඒ තරමටම ගීතයේ තනුවත් අරුතත් කටහඬත් එකට මුසු වූ විට දැනෙන්නේ අධ්‍යාත්මික සුවයක්.ඔබ අප කවුරුත් දන්නා පරිදි ඔහු පසුගිය කාල වකවානුව තුළ අසනීප තත්ත්වයෙන් පසුවුනා.එහිදී මුල ලංකාවක් ම ඔහුට සුවවීමට ආශිර්වාද කළ අතර එම ආශිර්වාද වල බලපෑමත් වෛද්‍යවරුන්ගේ අසහාය උත්සාහයත් නිසා ඔහු අද වන විට පෙර මෙන්ම නිරෝගීව සිටිනවා.ඉතින් පසුගිය දිනක ඔහු සමඟ කළ පිළිසඳරක දී ඔහුගේ අතීත මතක ආවර්ජනයක් මෙලෙස සිදු කළා. 

“මට තලබෝල දකිනකොට හරි අපූරු කතාවක් මතක් වෙනවා.අපි යාලුවෝ යාළුවො කට්ටියක් කඩුගන්නාවෙන් ද කොළඹ යමින් ඉන්නකොට අපිට තල ගුලි කන්න ඕන වුණා.එහිදී එක යාළුවෙක් කිව්වා ඔය තලගුලි වලට පුන්නක්කු දානවා කියලා.අනේ බොරු නොකියා හිටහන් තලගුලි වලට කොහෙද පුන්නක්කු දාන්නෙ කියලා තව යාළුවෙක් කිව්ව.

ඊට පස්සේ තව යාළුවෙක් කිව්වා හරි ඉතිං උඹට හිතෙන්නේ මම කියන්නේ බොරු කියල නං උඹ හිමින් සැරේ මුදලාලිගෙන් අහල බලපන්කෝ කියලා.මේ වෙනකොට කට්ටිය හිටියේ ටිකක් මත් වෙලා.ඉතින් කඩේට ගිය ගමන් අපේ යාලුවෝ මුදලාලිට කිට්ටු කරලා ඇහුවා මේ තල වලට පුන්නක්කු දාන්නෙ කොයි විදියටද කියලා.

එතකොට මුදලාලි ටිකක් කේන්තියෙන් වගේ කිව්වා පුන්නක්කු එක් කරන්න ගොනාගේ හැටියට කියලා.ඉතින් ඔය වගේ රසබර සිදුවීම් ගොඩක් ඒ කාලේ තිබුන. ඇත්තටම මගේ අසනීපෙ ගැන කියනවා නම් මම මැරිල ගොඩ ආපු කෙනෙක්.

මට බෙහෙත් කළේ ප්‍රියංකර ජයවර්ධන , මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලො අමරසේන, චමිලා විතාන, හර්ෂ සමරසිංහ කියන දොස්තර මහත්වරු තරංගා වික්‍රමසූරිය ගෙන් දැනටත් සිංහල බේත් ටිකක් කරනවා.ඒ දවස් වල දොස්තර මහත්තුරු කිව්වේ කොහොමහරි රෝද පුටුවකට දාලා දෙන්නම් කියලා.දැන් මම සනීප වෙලා සින්දු කියන දොස්තර මහත්තුරුත් පුදුම වෙලා.දොස්තර මහත්වරු මට වෙදකම් කළත් මෙයා නොහිටින්න වික්ටර් රත්නායක කෙනෙක් නැහැ.” 

යනුවෙන් ආදරණීය බැල්මක් ඔහුගේ බිරිඳ දෙස යොමා ඔහු පවසා සිටියා. ඉතින් අපගේ ආදරණීය කලාකරුවාණන්ට දීර්ඝායු සම්පන්න නිරෝගි සුව ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

GalleryGalleryGallery