බිරිද ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේ අත්අඩංගුවට..

Sri Lanka Crime Austria
By Sewvandhi Dec 04, 2022 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්ථා කර ඇති අතට සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙල්බර්න් හි සෑන්ඩ්හර්ට්ස් හි වාසය කළ තුන්දරු මවක වන මෙලොයිනි පෙරේරා නම් කාන්තාවක්.

මෙල්බර්න් හී සෑන්ඩ්හර්ට්ස් හී පදිංචි ශ්‍රී ලංකික කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය CCTV කැමරාවල ද සටහන්ව තිබුණා. , දියණිය පැමිණ "මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා" යනුවෙන් ඔවුන්ට පැවසු බවයි අසල්වාසීන් විසින් ඔස්ට්‍රේලියානු මාධ්‍යට පවසා තිබුණේ.

44 හැවිරිදි මෙලෝයිනී පෙරේරා නමැති කාන්තාව ඝාතනය කර තිබුණේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන 45 හැවිරිදි දිනූෂ් කුරෙයිරා නමැත්තා විසින්. රාත්‍රී කාලයේදීපිහි ඇනුම සිදුව තිබෙන අතර මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ - පාසල් වයසේ පසුවන පුත්‍රයාද මෙම පිහි ඇනුමට මැදිව ඇති නමුත් ඔහු පළායාමට සමත්ව තිබෙනවා.

ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කළා. මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර, ඇය නිවසේ අඟුළු පවා මෑතකදී වෙනස් කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි සැමියා පළායෑමට උත්සාහ දරා ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණා. 

 ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, නෛතික කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පවසනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now