බිලියනපති කොමියුනිස්ට් විරෝධි - ගුඕ වෙන්ගුයිට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
By Malith Madushan
ඇමරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ, චීනයේ හිටපු ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ කලක් ලොව ප්‍රමුඛ ධනවතෙකු ලෙස සැලකුණු ගුඕ වෙන්ගුයිට ඇමරිකානු අධිකරණයක් විසින් වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ගුඕ, 2017 වසරේදී චීනයෙන් පිටව ඇමරිකාවේ පදිංචියට ගොස් තිබුණා.
එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල විවේචකයෙකු ලෙස කටයුතු කළ ඔහු, සමාජ මාධ්‍ය හරහා විශාල අනුගාමික පිරිසක් ද දිනාගෙන තිබුණා.
කෙසේ වෙතත්, ආයෝජකයන් රවටා දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකිරීම, මුදල් විශුද්ධිකරණය සහ තවත් මූල්‍ය අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු පසුව අධිකරණය හමුවේ වරදකරු බවට පත්ව තිබෙනවා.