ඇල්පිටිය රත් කරමින් පොලිසියෙන් වෙඩි තැබීමක් - වෙඩි කාගෙන සැකකරු පැන යයි

Report

ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු පොලීසියට පහර දී පලාගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, වැටලීමකට කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලීසියට පහරදීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පසුව සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු ඔහු ලුහුබැඳ ගොස් ඇත.

ඉන් අනතුරුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව සඳහන්.

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ඒත් සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙන අතර සැකකරුගේ අතකට වෙඩි වැදී ඇති බව වාර්තා වේ.

මේ අතර වෙඩි වැදුණු සැකකරුට අත්විලංගු දමා අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුරුව තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් ඇත.

පොලීසිය සඳහන් කරන්නේ එම අදාළ පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි.

එමෙන්ම සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තියුණු ආයුධයෙන් පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.  

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්