සරණගේ වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්

Report

 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කළ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම සහ දඩ මුදල්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අභියාචනාධිකරණය වෙත ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන් මෙම ඇපැල් පෙත්සම් ගොනු කර ඇති බවත්, ඒවා අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව වාර්තා වේ.

  2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර කුලී පදනම මත වාහන ලබාගැනීම මඟින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනු කර තිබුණි.

විභාග සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනම් කෙරේ-පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනම් කෙරේ-පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

එම නඩු විභාගය අවසානයේ විත්තිකරු සරණ ගුණවර්ධන මහතා චෝදනාවලට වරදකරු කරනු ලැබූ අතර, එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර හතර බැගින් සිරදඬුවම් නියම කෙරිණි.

ඒ අනුව, ඔහුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 18ක දඩයක් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කර තිබේ.

මෙම තීන්දුවට එරෙහිව තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ඇපැල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.