සංචාරක කර්මාන්තයට පහසුකම් දෙන්න රජය සූදානම්...

srilanka tourism basilrajapaksha
By Nimal Jul 31, 2021 02:19 AM GMT
Report

 ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.සංචාරක කර්මාන්තයට පහසුකම් දෙන්න රජය සූදානම්... | Srilanka Tourism

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. මෙම සාකච්ඡාව සඳහා සංචාරක හෝටල් හිමියෝ, ගුවන් සමාගම් නියෝජිතයෝ සහ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ. සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන මුහණ දෙන ගැටලු සම්බන්ධව එම ක්ෂේත්‍රවල නියෝජිතයෝ මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කළහ.සංචාරක කර්මාන්තයට පහසුකම් දෙන්න රජය සූදානම්... | Srilanka Tourism

හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග වෙන් වෙන් ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපයීමට රජය නොපැකිළ ව කටයුතු කරන බවයි. පසුගිය යුධ සමයේ දී ද සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් ඇති වූ අවස්ථාවේ දී එම අභියෝග ජයගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, පවතින තත්ත්වය ද කෙටි කාලයක් තුළ මග හරවා ගැනීමට හැකි වන බවට විශ්වාස පළ කළේ ය.

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රගතිය පිළිබඳ ව සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කරන අතර වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළේ ය. එහි දී කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කිරීමේ දී අදාළ අංශ ඒකාබද්ධ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි.

කොවිඩි වසංගත තතත්ත්වයත් සමග මෙරට ක්ෂේත්‍ර ගණනාවක යම් පසුබැසීමක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාල සීමාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මාස කිහිපයක් තුළ මෙරට අපනයන ආදායම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නේ ය. එසේ ම සංචාරක ක්ෂේත්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කොට විදේශ විනිමය උපයන මට්ටමට පත් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළේ ය. වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වා දී ඇති අතර ඒවා අධ්‍යයනය කර තරගකාරී ලෙස සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, අජිත් නිවාඩ් කබ්රාල්, විමලවීර දිසානායක, ඩී.වී. චානක, ප්‍රියංකර ජයරත්න යන මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.