ආරුගම්බේ සංචාරක කලාපයක් ....

srilanka tourism presanna ranatunga
By Nimal Jul 01, 2021 06:11 AM GMT
Report

 ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස අගෝස්තු මාසයට පෙර ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඒ අනුව ගැසට් නිවේදනය නිකුත් කොට සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතිය 178ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.ආරුගම්බේ  සංචාරක කලාපයක් .... | Srilanka Tourism

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,සංචාරක ව්‍යාපාරයට කොරෝනා වෛරසයෙන් ලොකු බලපෑමක් සිදු වෙලා. මේක ලෝකය පුරාම තිබෙන තත්ත්වයක්. රජයක් ලෙස අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වෙනකොටත් සංචාරක අමාත්‍යාංශය පළාත් සභා සමග සාකච්ඡා කර නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුපියල් මිලියන 300 ක ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම්.

ඒ සමගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ආරුගම්බේ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කලා. එහි රුපියල් මිලියන දහසකට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කෙරෙනවා.ඉදිරි මාස දෙක තුළ, ඒ කියන්නේ අගෝස්තු මාසයට පෙර අරුගම්බේ සංචාරක කලාපයක් විදියට ගැසට් කරනවා. සංචාරක කලාපයක් කළාට පස්සෙ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලු කටයුතු සිදු වෙන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත අයගේ ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් සංචාරක ක්ෂේත්‍රයේ අයට සහන රැසක් ලබා දීලා තියෙනවා. ඉදිරියටත් සහන ලබා දීම ගැන සලකා බලනවා.

ආරුගම්බේ විතරක් නෙවෙයි. පානම, කුමන වගේ අවට කලාපයම සම්පත් ආකරයක්. ආරුගම්බේ සංවර්ධන ව්‍යාපෘතිය වසර දහයක සැලසුමකටයි ක්‍රියාත්මක වෙන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන්නේ තාවකාලික පසුබැසීමක් පමණයි.එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයට නැවතත් හොඳ කාලයක් උදා වෙනවා.

ඒ නිසා මේ අමාරු කාලයේ දී පහසුකම් වැඩි දියුණු කර හෝටල් ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන යමින් සංචාරකයින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ.මේ ප්‍රදේශය සංචාරක කලාපයක් උනාම ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන බවද පැවසුවේය.

මෙම අවස්ථාවට රාජය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ද එක් වූහ.