සංචාරක කර්මාන්තය ණය බරින් තොර කර්මාන්තයක් කිරීමට සැලසුම්...

srilanka tourism d d lakshaman
By Nimal Jun 29, 2021 01:27 PM GMT
Report

 ණය වලින් නිදහස් කර්මාන්තයක් බවට සංචාරක කර්මාන්තය පත්කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදී  සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට  මහ බැංකුව ඒ සදහා කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩි ලක්ෂ්මන් මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්තවය පාලනය වීමෙන් අනතුරුව වුවත් දීර්ඝ කාලීනව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් කුමන හේතුවක් මත හෝ නැවත කඩා වැටීමට ලක් නොවන ආකාරයෙන් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම නව වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම මත අද (29) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් අතර පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ. කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දුන් දරුණු බිඳ වැටීම නිසා මේ වන විට සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් විශාල ප්‍රමාණයකගේ ජීවනෝපාය අහිමි ඇතැයි මෙහිදී සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් අවධාරණය කළ අතර රජය විසින් ලබාදුන් සහන ද නිසියාකාරව නොලැබුණු බවට ඔවුහු චෝදනා කළහ.සංචාරක කර්මාන්තය ණය බරින් තොර කර්මාන්තයක් කිරීමට සැලසුම්... | Srilanka Tourism

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ කොවිඩ් සමයේ ලබාදුන් සහන තව දුරටත් දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. සංචාරක කර්මාන්තය බිඳ වැටීමට අවස්ථාව නොදී එය රැකගැනීම සඳහා මේ අවස්ථාවේදී ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් අපේක්ෂිත කාලයක් තුළ සංචාරක කර්මාන්තය නැවත පැවැති තත්ත්වයට ගෙන ඒම සදහා නව සැලසුම් සකස් කෙරෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කළේය.

රජය විසින් පසුගිය වසර එකහමාර කාලයක තුළ විවිධ සහන ලබාදුන් බවත් තවත් මාස 06 ක් සදහා සහන ලබාදෙන ලෙසට 

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ සංචාරක කර්මාන්තය රැක ගැනීමට නම් එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගත යුතු බවයි. ඒ සදහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එහි ප්‍රතිලාභ ක්ෂේත්‍ර යේ නියුතු වූවන් ලෙස ලබාදීමේ විවිධ ගැටළු මතු ව ඇති බවත්, එම ගැටළු වලට විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ ළුූ බවත් ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර තිබු තත්ත්වයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ වෙනුවෙන් රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද කීවේය.

. දැනට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් අනුව ඉතා ඉක්මනින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇතැයි ද බලාපොරොත්තුවේ .ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත රත්නායක, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ක්ෂේත්‍ර යේ විවිධ සංවිධාන නියෝජිතයන් එක්ව සිටියහ.