හදවත කම්පා කරවන තුල්හිරිය ඛේදවාචකය ගැන තවත් සංවේදි තොරතුරු රැසක් හෙළිවෙයි.

By Sithumi Jun 12, 2023 04:15 PM GMT
Sithumi

Sithumi

Report

තුල්හිරිය ප්‍රදේශයේදී අද (12) උදෑසන ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ මව, පියා සහ පුත්‍රයාට දිවි අහිමි වුණා.

ත ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවී යළි පැමිණෙමින් සිටින අතරතුරදීයි රීරෝද රථයේ ගමන් කරමින් සිටි ඔවුන් මෙම අනතුරට මුහුණ පෑවේ. රථ දෙකෙහිම නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී ධාවනය අනතුරට හේතුවී ඇති බවයි අනතුරින් මියගිය ත්‍රීරෝද රථ රියදුරුට වලංගු රියදුරු බලපත්‍රයක් තිබී නොමැති අතර පොලීසිය පවසන්නේ. ත්‍රීරෝද රථය සහ ටිපර් රථය එකිනෙක ගැටී අඹේපුස්ස - අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණේ අද උදෑසන 5.40ට පමණ වන අතර එකම පවුලක පිරිසක් ගමන් කළ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබණා.

අනතුර ඒ අසල තිබූ CCTV කැමරාවල සටහන් වී තිබුණු අතර අනතුරෙන් පසු ත්‍රීරෝද රථය ගිනි ගැනීමකට ද ලක්වන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබුණා ත්‍රීරෝද රථයේ සිටි එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා අනතුරෙන් බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුඝත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලීසිය පැවසුවා එහිදී මියගියේ වයස අවුරුදු 40ක් වන දිනුෂ්ක ගයාන් පින්නවල, ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි නිමේෂා ශ්‍රීනාත් ගම්ලත් සහ ඔවුන්ගේ පුත්‍රයා වන 13 හැවිරිදි ගීත්ම සත්සර යන අයයි.

ඔවුන් රඹුක්කන කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුරෙන් මියගිය දිනුෂ්ක ගයාන් කටාර් රාජ්‍යයේ සේවය කරන අයෙක් වන අතර මීට සති කිහිපයකට පෙර දිවයිනට පැමිණි ඔහු එළඹෙන 15 වනදා යළි කටාර් රාජ්‍යයට යෑමට සූදානමින් සිට තිබෙනවා.  

ඔහුගේ පුත්‍රයා වන, අනතුරෙන් මියගිය ගීත්ම සත්සර ඉගෙනුම ලැබුවේ කොටවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ වන අතර ඔවුන් තිදෙනා ගාල්ල ප්‍රදේශයේ ඥාතී නිවසක පැවැති උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් පසු 39 හැවිරිදි ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,

   "ත්‍රීරෝද රථ රියදුරා සැලකියයුතු දුරක් මේ රථය ධාවනය කර තිබෙනවා. ගාල්ලේ සිට රාත්‍රී කාලයේ පැමිණිලා.. මේ අනතුර සිදුවන ස්ථානයට පැමිණ තිබෙන්නේ අලුයම් කාලය වනවිට. ත්‍රීරෝද රථ රියදුරාට වලංගු රියදුරු බලපත්‍රයක් නැහැ. ඔහු විසින් ඥාති සහෝදරයෙකුගේ රියදුරු බලපත්‍රයක් රැගෙන ගිහින් තිබෙනවා."