අබුද්දස්ස කාලෙවත් නොඇසුණු බෝතලයක් නිසා කනට ගැසූ හිමිනමගේ සිද්දිය..

Sri Lanka
By Sithumi Oct 23, 2022 06:46 PM GMT
Sithumi

Sithumi

Report

විහාරස්ථානක පසුගියදා පැවැති වෙන්දේසියකදී බීර බෝතල් දෙකක් සහ නීතිවිරෝධි මත්පැන් බෝතල් කිහිපයක් තබා වෙන්දේසි කර තිබෙන බව වාර්තා වෙනවා. 

 අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවති වෙන්දේසියෙදී මල් බඳුනට පෙර බීර බෝතල් දෙක රුපියල් 2800කට වෙන්දේසි කර ඇති අතර තරුණ සංවිධායක පිරිස එක්ව මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. 

 එම අවස්ථාවේදි සල්පිලේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාල නීති විරෝධි මත්පැන් බෝතය වෙන්දේසියෙන් ඉවත් කරන ලෙස සංවිධායක මණ්ඩලයට දැනුම් දී තිබුන අතර එම අවස්ථාවේදි සල්පිල මොහොතකට නතර වී ඇති බවයි වාර්තා වෙන්නේ.  

පසුව සිද්ධිය පිලිබඳව විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේව දැනුවත් කිරීමට කටයුතු කර ඇති නමුත් අදාල පොලිස් නිලධාරියාට එම ස්වාමින්වහන්සේ විසින් පහරදී ඇතැයිද වාර්තා වෙනවා. අදාල පොලිස් නිලධාරියා විසින් නීතිවිරෝධි මත්පැන් බෝතලක් වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදලට වඩා වැඩි අපවාදයක් විහාරස්ථානයට මෙන්ම ආගමටත් සිදුවන බව පෙන්වාදීමෙන් අනතුරුව එම මත්පැන් බෝතලය අදාල වෙන්දේසියෙන් ඉවත් කර නැවත වෙන්දේසිය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.