ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ වැඩි වාසි පාකිස්තානයට

Cricket Sri Lanka Cricket
By Sithumi Jul 19, 2022 06:20 PM GMT
Sithumi

Sithumi

Report

   සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය නිමාවන විට තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටියා. 

ඒ, දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03කට ලකුණු 222ක් රැස් කර ගනිමින්. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 337ක් රැස් කළා. පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 218ක් පමණයි. .

ඒ අනුව තරඟයේ ජයග්‍රහනය සඳහා පාකිස්තාන කණ්ඩායමට දෙවන ඉනිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 342ක්. කඩුලු 07ක් අතැතිව සිටින පාකිස්තාන කණ්ඩායම තරඟය ජය ගැනීම සඳහා හෙට දිනය තුළ ලබාගත යුතු වන්නේ තවත් ලකුණු 120ක් පමණයි. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Joinnow



ReeCha