නොසිතූ ලෙස ඇදුම් මසන්නෙකු ළඟ තිබී හමුවූ දේ..
By Sithumi
ඇඳුම් මසන්නකු ලඟ තිබි දුම් බෝම්බ දෙකක්,ගුවන් යානා නාශක උණ්ඩ කොපු 10ක් එල්.ටී.ටී.ඊ.සංවිධානය භාවිත කළ සන්නිවේදන උපකරණයක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය ප්‍රකාශ කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල තලාපිටිය තක්කියා පාර පදිංචි 63 හැවිරිදි ඇඳුම් මසන්නෙක්. එම පුද්ගලය ගාල්ල නගරයේ ඇඳුම් මැසිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර එහි ආයුධ සඟවා ඇති බවට ලද තොරතුරක් අනුවයි මෙම වැටලිම සිදු කර තිබුනේ.
මෙම සැකකරු සහරාන්ගේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප ලබා පැමිණ සිටින අයකු බව පොලිසිය වැඩිදුරටත් පවසයි.