මීට පෙර සිදු නොවූ විශ්මිතම සෑත්කමක් මෙරටින්..
ගැබිනි මව්වරුන් තිස් දහසකගෙන් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා.
ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේ කින්නියා ප්‍රදේශයේ පදිංචි මවක් වනවා කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් මීට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන්නේ දුර්ලභ ගණයේ දරු උපතක් නිසායි.
දරුවාගේ කලලය වර්ධනය වී තිබුණේ ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක වීම මෙහි තිබූ බැරෑරුම් තත්ත්වය බව වෛද්‍යවරුන් පවසනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මෙවැනි කලල පිහිටීමක් සිදුවීමේ සම්භාවිතාව 30,000 එකක් පමණ වන බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.
එවැනි කලල පිහිටීමක් හරහා දරුවෙකු බිහිකිරීම මවගේ ජීවිතයට ගෙන දෙන්නේ විශාල අවධානමක් වන අතර මෙම මව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන විට ඇගේ කලලයට සති 28 ක් පිරී තිබුණු අතර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මෙය දුර්ලභ ගණයේ දරු උපතක් වන බැවින් සැත්කම සාර්ථකව සිදුකිරීමට නම් ඇය කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ යුතු බවයි.
ඒ අනුව මවගේ සති 28 ක් වූ කලලය සති 34 ක් දක්වා වර්ධනය වනතුරු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ද සොයිසා රෝහලේ නේවාසිකව රඳවාගැනුණු අතර ඉන් පසු දරු උපත සඳහා වන සිසේරියන් සැත්කම අද (16) සාර්ථකව සිදුකළා.
ඒ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂනි ලියනගේ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න සහ කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසින්.
මෙම දරු උපත ඉතා දුර්ලභ අවස්ථාවක් වන බැවින් ශල්‍ය කර්මයේදී දරුවාට හා මවට ඇති විය හැකි ජීවිත අවදානම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන් දැරුවේ දැවැන්ත පරිශ්‍රමයකින් අනතුරුවයි.
අලුත උපන් බිළිඳිය සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.