රෝහල් ගතවූ පුද්ගලයෙකු අත්තඩංගුවට ගන්න මෙහෙයුම

Sri Lanka Police STF Sri Lanka
By Sithumi Jun 12, 2023 06:22 PM GMT
Sithumi

Sithumi

Report

රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබෙනවා

 ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි. පසුව ඔහුට තුවාල සිදුවී ඇත්තේ වෙඩිවැදීමකින් නොවන බවට අනාවරණයවීම හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ බව වාර්තා වනවා.

 මත්කුඩු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ඌරගස්මංහන්දිය, ඇලකාන දියකඩිත්ත ප්‍රදේශයේදී පොලීසිය අද (12) වෙඩි තබා තිබුණා

 සැරයන්වරයෙකුගේ ගිනිඅවිය සැකකරු උදුරාගෙන ඇති අතර, එහිදී ඇතිවූ පොරබැදීම අතරතුර කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් අයෙක් සැකකරුට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ,.

වෙඩි වැදුණු සැකකරු පළාගොස් ඇති අතර, සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකය. මෙලෙස වෙඩිවැදී ඇත්තේ තුඩුව, හබරගල පදිංචි පුද්ගලයෙකුටයි.