මගේ මැණික අපිව දාලා ගියා... මගේ රත්තරන් පුතා ආයෙමත් අපි දෙන්නගෙම පුතෙක් වෙලා අපේ ළඟට එන්න (PHOTOS)

By Sithumi Jun 12, 2023 03:35 PM GMT
Sithumi

Sithumi

Report

ජීවිතේ අපිට හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙනවා. අපි හිතන්නෙවත් නැති දුක්කදෝමනස්සවලට අපිට මූනදෙන්න වෙනවා.

  
මාස නවයක් පුරාවට කිරි සිහිනයක් වෙනුවෙන් පෙරුම් පුරලා ලැබුනු පුංචි කිරි කැටියා නොහිතපු විදිහට අපිව දාලා යන්නම යන්න ගියාම මොනවද හිතෙන්නේ..

ඔව්.. ඒ අසීරු අවස්ථාවට මුහුන දුන්න මවක් පියෙක් ගැනයි මේ කියන්න යන්නේ...    ඔවුන්ගේ මාස නවයක් වයස පුංචි පුතා ඔවුන්ව දාලා යන්නම යනවා. පුංචි පුතාගේ ඡායාරූප කීපයක් පළ කරලා ඔහුගේ මව හෝ පියා ලියූ සටහනක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.   

ඔවුන් මේ දුක කොහොම උහුල ගන්න ඇතිද කියලා මේ පුංචි හුරතලාගේ ඡායාරූප බැලුවාම පේනවා...   "මගේ මැණික අපිව දාලා ගියා 
මගේ රත්තරන් පුතා අයෙත් අපි දෙන්නගෙම පුතෙක් වෙලා අපේ ලගට එන්න කියල හැමෝම ප්‍රාර්ථනා
කරන්න.

මේ වෙලාවේ මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඒක විතරයි..
මගේ මැණික ආපහු එනකල් අම්මයි, අප්පච්චීයි, සීයයි, ආත්තම්මයි, බාප්පයි, නැන්දම්මයි මුලු පවුලම මග
බලාගෙන ඉන්නේ වස්තුව..


ආපහු අම්මගෙයි අප්පච්චිගෙයි ලගට එන්න මගෙ චූටි මැණික..
අනේ අපි වෙනුවෙන් ඒ ප්‍රාර්ථනාව කරන්න හැමෝම.."

GalleryGalleryGalleryGallery