දානෙට කිරිබතුත් ඕනි, ඉදි ආප්පත් ඕනි , සිසුවියන්ගෙන් දානේ ඉල්ලූ හිමිවරුන්ගේ ගැටලුව

By Sithumi Oct 29, 2022 01:45 PM GMT
Sithumi

Sithumi

Report

මහරගම ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසැලක සිසුවියන් අපහසුතාවයට පත් කරමින් සිදුවන සිද්ධියක් පිළිබඳ වාර්ථා වුණා.

එම පාසැලේ සිටින භික්ෂුන් වහන්සේලා සිව් නමක් තමන්ට දෛනිකව දානය සපයන ලෙස සිසුවියන්ට දැනුම්දී ඇති බවයි එහිදී අනාවරණ වුණේ. ඒ අනුව නම් වශයෙන් සඳහන් කර එක් එක් සිසුවිය ගෙන ආ යුතු ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ලේඛනයක් ද මෙහිදී සකස් කරන බවටයි වාර්තා වන්නේ. 

 ඇතැම් දිනවල මෙම ලේඛනයට ආහාර වර්ග 20 කටත් වඩා අයත්. ඇතැම් ලැයිස්තුවලට කිරිබත් කැබලි 25 ක් සහ ඉඳිආප්ප 60 ක් මෙන්ම මස් හා මාළුවර්ග ද ඇතුලත් කර තිබෙනවා. කිරිබත් කැබලි 25 ගෙන ආ යුත්තේද එක් සිසුවියක් විසින්. 

 ඇතැම් සිසුන්ට දානය සඳහා ඉස්සන් වෑංජනයක්ද රැගෙන එන ලෙසයි දන්වා ඇත්තේ. දානයට අමතරව පිරිකරක්ද ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවට වාර්තා වනවා. එක් පන්තියකට එක් දිනයක් බැඟින් මේ සඳහා වෙන් කර ඇතැයි සඳහන්.  

 ආහාර අර්බුදයක් පවතින පසුබිමක හා දරුවන් ඉන් පීඩාවට පත්ව ඇති පසුබිමක මෙවන් සිද්ධීන් අනුමත කළ නොහැකි බව වාර්ථා වී තිබේ.