යල්පැනගිය නීති යාවත්කාලීන කිරීමට.....

mohan silwa srilanka politics
By Nimal Jul 27, 2021 08:24 AM GMT
Report

 යල්පැනගිය නීති රෙගුලාසි නිසිපරිදි යාවත්කාලීන කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කoචන විජේසේකර සහ වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යන මහත්වරු අද උදෑසන ධීවර අමාත්‍යංශයේ පැවැති හමුවකදී පැවසුවේය.

මෙම මාධ්‍ය සාකච්ජාව ධීවර රාජ්‍ය අමාත්‍ය කoචන විජේසේකර සහ වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යන මහත්වරු හා එම අමාත්‍යංශයේ යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර වරාය නීතිගත සංස්ථවේ නිලධාරීන් සමග වෙරළ ඛාදනය, ධීවර වරාය සහ තොටුපළ ගැටළු, ධීවර ජනතාවගේ ගැටළු සහ වෙරළ සහ මුහුදු පරිසර ගැටළු පිළිබඳව අද උදෑසන ධීවර අමාත්‍යංශයේදී හමුවක් පැවැත්විණි .

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා අදාල අමාත්‍යාංශ දෙකම ඒකාබද්ධව මෙම සිද්ධීන් වෙත අවධානය යොමුකිරීමටත් යල්පැනගිය නීති රෙගුලාසි නිසිපරිදි යාවත්කාලීන කිරීමටත් තිරණය කළේය.

මීට අමතරව දෙමසකට වරක් අමාත්‍යාංශ නිළධාරීන් එක්වී මෙම සාකච්ඡාවල ප්‍රගතිය විමසීම සහ ඉදිරි කටයුතු වෙනුවෙන් සාකච්ඡා කිරීමටත් තීරණය කළේය.