මඩකලපුව ගුවන්තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස...

srilanka politics presanna ranatunga
By Nimal Jul 01, 2021 07:56 AM GMT
Report

 මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි අමාත්‍යවරයා නැගෙනහිර පළාත සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මඩකලපුව ගුවන්තොටුපළ සංචාරකයින්ට ආකර්ෂණීය ගමන් මාධ්‍යයක් ලෙස සකස් කළ යුතු බව ද පැවසීය.

1958 වසරේදී ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු මඩකලපුව ගුවන්තොටුපළ 1983දී ගුවන් හමුදාවට භාර දුන්නේ ය . ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී (2012) මඩකලපුව ගුවන්තොටුපොළේ ධාවන පථය වැඩිදියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක කිරීම ඇරඹිණි.

2018 වසරේ දී වසරේදී ගුවන් මගීන් 3980ක්, 2019 යෙදී ගුවන් මගීන් 3373ක්, හා 2020දි කොරෝනා වසංගතය තත්ත්වය යටතේත් ගුවන් මගීන් 723 ක් මඩකලපුව ගුවන් තොටුපලෙන් සේවය ලබාගෙන ඇත. 2018 වසරේ වසරේදී ගුවන් මෙහෙයුම් 1180ක්, 2019 වසරේ දී ගුවන් මෙහෙයුම් 864 ක් හා 2020 දී ගුවන් මෙහෙයුම් 174 ක් සිදුකර ඇත. අක්කර තුන්සිය 48 ක තුන්සිය 48ක භූමියකින් යුක්ත මඩකලපුව ගුවන්තොටුපළේ මේක 1368 ක දිගින් සහ මීටර් 30 ක පළලින් යුක්ත ධාවන පථයක් තිබේ. මෙම ගුවන් තොටුපොළ ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයේ පවතින ගුවන්තොටුපලකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී මඩකලපුව ගුවන්තොටුපළේ අවශ්‍යතාවය දැනෙනවා. ඒ නිසා මඩකලපුව ගුවන්තොටුපළ සංචාරක ව්‍යාපාරයට ගැලපෙන පරිදි දියුණු කරන්න ඕනේ.

මඩකලපුව ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ගැසට් කර වසර ගණනාවක් ගෙවුනත් ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අඩු තරමේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වත් වර්ධනය වෙලා නෑ. ඉදිරි වසර දෙක තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වර්ධනය කර මේ ගුවන්තොටුපල දියුණු කරනවා.