නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කළ යුතුයි...?
මහරගම නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඒ අනුව නගරයේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අදාල නිලධාරීන් ක්‍රියා කල යුතු බව මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි .
නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අදාල අනෙකුත් නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කඩිනමින් සුදානම් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී මහරගම ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දුන්නේය.
You may like this video
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ පැවැත්විණ. සෞඛ්‍යය උපදෙස් අනුව සීමිත නිලධාරින් පිරිසක් පමණක් මෙම රැස්වීමට සහභාගි වුහ.
මහරගම ජනාධිපති විද්‍යාලය, විද්‍යාකර බාලිකා විද්‍යාලය යන පාසැල් ජාතික පාසැල් ලෙස සංවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය උපකරණ හා ණය පහසුකම් ලබා දීම, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇඟලුම් කර්මාන්තයක් ආරම්භ කිරීම, මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග 7ක් කාපට් කිරීමේ කටයුතු කඩිනම් කිරීම, ඇතුළු මහරගම ආසනය තුළ සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති කටයුතු රැසක් සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.