ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සංවර්ධනය ....
. ජනතාව පීඩාවට පත්වන සංවර්ධනයක් රටතුළ ක්‍රියාත්මක නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
සංවර්ධන කටයුතු සිදු කරනුයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් වන අතර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ජනතාවට සවන්දීම හා ජනතාවගේ යෝජනා ලබා ගැනීමට රජය කටයුතු කරනු ඇත.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව දැනට සිදුකරගෙන යන සමාලෝචනයන්හි වත්මන තත්ත්වය පිළිබද අමාත්‍යාංශයේපැවති සාකච්ජාවකට සහභාගී වෙමිණි.
You may like this video
පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාව නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුව මධ්‍යයම අධිවේගී මාර්ගය බව ජනතාව විසින් චෝදනා කළේය. ඒ අනුව ජනතා හඩට ඇහුම්කන් දෙමින් අදාළ ගැටලුව පිළිබද සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අදාළ සමාලෝචන වාර්තාව ලබන සදුදා දින අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව ඇත. අදාළ ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවී තිබෙන්නේ ඇල මාර්ග හා ජලය බැස යන කාණු පද්ධති දීර්ඝ කාලයක් තිස්සේ පිරිසිදු නොකිරීම හා නිසි ලෙස නඩත්තු නොකිරීමයි. එමෙන්ම මධ්‍යම අධිවේගය ඉදිකිරීමේදී සේවා සැපයීම සදහා තාවකාලිකව ඉදිකර ඇති ඇතැම් මාර්ග නිසි ජල බැසීමකින් තොරව ඉදිකර තිබීම මෙම තත්ත්වයන්ට යම් හේතුවක් වූ බව මූලිකව අනාවරණය විය.
මධ්‍යම අධිවේගය ඉදිකිරීම් අවසන් වූ වහාම අදාළ සේවා මාර්ග ඉවත් කරන බැවින් ගම්පහ ප්‍රදේශය ජලයෙන් යටවීමට ඉදිරියේදී එය හේතුවක් නොවනු ඇත. එමෙන්ම ඇල මාර්ග හා කාණු පද්ධති දීර්ඝ කාලයක් නිසි නඩත්තුවක් හා පිරිසිදු කිරීමක් කර නොමැති හෙයින් ඒවා පිරිසිදු කර නිසි පරිදි ජලය බැසයාමට කටයුතු සිදුකරීම සඳහා වන යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන්නැයි පහත්බිම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. අදාල සමාලෝචනයන් සලකා බලා පවතින ගැටළුකාරී තත්ත්වන්ට විසදුම් ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම හා රථවාහන තදබදයන්ට විසදුම් ලබා දීම සඳහා කටයුතු කරනවා. ජනතාව පත්කළ, ජනතාවට ඇහුම්කන්දෙන රජයක් විදියට ජනතාව පීඩාවට පත් නොකට ජනතා අභිලාශයන් ඉටුකිරීම වත්මන් රජයේ අරමුණයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් මධ්‍යම අධිවේගය කඩිනමින් අවසන් කොට ජනතාව වෙත පවරාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබිලිව්.ආර් පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.