යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනා..

srilanka politics dines gunawerdana
By Nimal Jun 15, 2021 08:13 AM GMT
Report

 යුරෝපීය පාර්ලිමේන්තුවේ පසුගිය  ජුනි 10 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි.‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාවේ අඩංගු කරුණු සාවද්‍යතාවයන්ගෙන් යුක්ත වන අතර, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳව සැලකිල්ලට නොගනී.

ආරම්භයේ දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යොදාගෙන ඇත්තේ තම ජනතාව මත සිදුකරන ලද දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විසඳුම් සෙවීම සඳහා බව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. මෙම සන්දර්භය තුළ, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් ජාතිකයන් කිහිප දෙනෙකු ද ඇතුළුව සැලකිය යුතු ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වූ බව සිහිපත් කෙරේ. ශ්‍රී ලංකා රජය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සියලු අංශ ආවරණය කරමින්, විදේශ අමාත්‍යංශය හරහා යුරෝපා සංගමය (EU) සමඟ නිත්‍ය, විචිත්‍රවත් හා සුහද සංවාදයක් පවත්වා ගෙන යන බව අවධාරණය කිරීම වැදගත් වේ.යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනා.. | Srilanka Political

බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය මඟින්, යුරෝපා කොමිසම, යුරෝපා කවුන්සිලය සහ යුරෝපීය පාර්ලිමේන්තුව සමඟ සහ රජයේ ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් මඟින් කොළඹ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම සහ යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ සමීප හා සුහද සංවාදයක් රජය විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ජීඑස්පී + මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීම සමාලෝචනය කිරීම සඳහා යුරෝපා කොමිසම සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වී සිටී. 2020-2021 සඳහා යුරෝපා සංගමයේ ජීඑස්පී + අධීක්ෂණ ක්‍රියාවලියේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන්, 2020-2021 සඳහා යුරෝපා සංගමයේ ජීඑස්පී + අධීක්ෂණ ක්‍රියාවලියේ සමාලෝචන පිළිබඳ තුන්වැනි චක්‍රය ක්‍රියාත්මක වෙමින් පවතී. ජනවාරි මස රැස්වූ වාර්ෂික යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 23 වැනි සැසිවාරයේ දී, පුළුල් පරාසයක සහයෝගීතාව සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත දැනුම් දුන්නේය. මෙම ඒකාබද්ධ කොමිෂන් සභාවේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන අදාළ ක්‍රියාකාරී කණ්ඩායම් සහ කමිටු හරහා වැඩිදුර යාවත්කාලීන කිරීම් සපයනු ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. යෝජනාවේ සඳහන් වැදගත් කරුණු සම්බන්ධයෙන්, නිවැරදි කිරීමේ අරමුණෙන් යුතුව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී කොළඹ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් මහතා සහ කොළඹ සිටින ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන්,වැඩබලන තානාපතිවරුන්ට දි ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කළේය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම රැස්වීමට සහභාගී වූහ.