විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කරන සිසුන්ට සහනයක්....

srilanka politics presanna ranatunga
By Nimal May 27, 2021 08:39 AM GMT
Report

 සංචාරණ සීමා පැනවීම නිසා විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර ඇති අත්පොත ලබාගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව ඇත.

මෙවර සිසුන් 195000 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් සිසුන් 41755ක් බඳවා ගැනීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ජුනි මස 11 වැනිදා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දැනුම්දී තිබේ.

කොමිසන් සභාවේ වෙබ් අඩවියෙන් අදාළ අත්පොත බාගත කර ගැනීමේ පහසුකමද සපයා ඇති නමිත් ඊට අදාල පහසුකම් නොමැති සිසුන්ද වෙයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කර ඇති අත්පොත ලබා ගැනීම සඳහා සංචාරන සීමා පනවා ඇති කාලයේ නිවසින් පිටවීමේ ක්‍රමවේදයක් සැකසීම සුදුසු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව දී පැවසීය.විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කරන සිසුන්ට සහනයක්.... | Srilanka Political

වැඩි සිසුන් ප්‍රමාණයකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීම ජනාධිපතිවරයා ගේ බලාපොරොත්තුව බවත් මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. කොවිඩ් උවදුර නිසා කිසිදු සිසුවෙකුගේ අධ්‍යාපනය අයිතිය අහිමි නොවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට හෝ ඥාතියකුට අත්පොත ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට දිනයක් ලබාදීමටත්, එම දිනයේදී පොත් සාප්පු විවෘත කිරීමේ අවස්ථාව ලබා දීමටත් නියමිතයි.