නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් ජීවිතියක් අහිමි වූ අවාසනාවන්ත සිදුවීම..
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පවතිනවා.
මේ බව සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් විදුහල්පතිනියක් මියගොස් ඇති බවයි.
මෙම නිර්වින්දන ඖෂධය ලබාදීම හේතුවෙන් පසු ගිය 16 වනදා මෙම විදුහල්පතිනිය මියගිය බවත් එලෙස මියගිය දෙවන රෝගියා ඇය බවත් ඔහු සඳහන් කළා.
ඖෂධ සංකූලතාවයක් බව පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති බැවින් අදාළ නිර්වින්දන ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි මේ සඳහා වගකිව යුතු බවයි එමෙන්ම ඔහු පැවසුවේ එම මරණයට හේතුවී ඇත්තේ.
කෙසේවෙතත්,මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් අප විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ අදාළ නිර්වින්දන ඖෂධය පසුගිය සමයේ විශේෂ විදිවිධාන යටතේ මෙරටට ගෙන්වූ එකක් බවයි.
මේ අතර,කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයේ පරීක්ෂණ කටයුතු මාස දෙකක පමණ කාලයක සිට නවතා දමා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කළා.