විදෙස් රට වලට යන හැමෝම මෙහෙම හිතනවද.. කව්රුත් අහුවෙන අමුතුම රට රැකියා ප්‍රමාදය මූල්‍ය වංචාවක්?? ප්‍රභල හෙළිදරව්වක්.(VIDEO)
. බොහෝ දෙනා විදෙස් රැකියා වල නිරත වීමේ අපේක්ෂාවෙන් ගොස් විවිද රටවල් වල අතරමංවික්ම පිළිබදව පුවත් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.
එවැනි පසුබිමක විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ප්‍රමාද කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මිනිස් ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී තිබෙන නිසාදැයි විදෙස් බලය සංවිධානයේ කැදවුම්කරු ජනක බලල්ල මහතා අද ප්‍රශ්න කළා.
මරදාන සී.එස්.ආර්. ශාලාවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි පැවති මාධ්‍ය හමුවකදි.
එමෙන්ම ඇමැතිවරයාට කොන්දක් තිබේනම් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවත් ඔහු පැවසුවා.
විදේශ රටකට යන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ශ්‍රමිකයින් ලියාපදිංචි කරලා යැවීමේ වගකීම පැවරෙන බවත් මෑත කාලයේදී කාන්තාවන් ගෘහ සේවිකාවන් විදියට පිටත් කර යැවීමේදී නොයෙක් ගැටලු මතුවෙලා තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය තුළින් ප්‍රභල හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා. එම ප්‍රකාශය පහතින්,