පරිස්සමෙන් ඔබත් රැවටිය හැකියි.. කොච්චර කිව්වත හැමදාම මිනිස්සු අහුවෙන ජාවාරම මෙන්න..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sithumi Jun 12, 2023 05:25 PM GMT
Sithumi

Sithumi

Report

විදේශ රැකියා ආයතනයක හිමිකරුවෙකු දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා අනුමැතියකින් තොරව මුදල් රැස්කළ ඇත. මේ වන විට එම විදේශ රැකියා ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 දකුණු කොරියානු රැකියා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශාල පිරිසක් අදාළ ස්ථානයට පැමිණ තිබු අතර එහිදී ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු වැටලීම සිදුකරන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා

 රැකියා අපේක්ෂිතයින් 3,000ක පමණ පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බවට විමර්ශන නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

 සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන කළ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාහැරීමට කටයුතු කරන ලදී. වැඩිදුර නඩු විභාගය ජුලි මස 1වන දින යළි කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.