සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට කොවිඩ් එන්නත් මේ ආකාරයෙන් ලබාදෙයි...

srilanka health presanna rantunga
By Nimal Jul 09, 2021 05:04 AM GMT
Nimal

Nimal

Report

 සංචාරක ක්ෂේත්‍රයේ දකුණු පලාතේ නියුතු වුවන් සදහා හෙට (10)කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ඩබල් ට්‍රී හිල්ටන් හෝටලයේදී පෙරවරු 10.00 ත්, හම්බන්තොට ෂංග්‍රිලා හෝටලයේදී සෆාරි රියදුරන් හටද පෙරවරු 11.00 ටත්, තංගල්ල අනත්තරා හෝටලයේදී මධ්‍යහේන 12.00 ට ත්,තංගල්ල නගර ශාලාවේදී මධ්‍යාහන 12.30 ටත් කොව්ඩ් එන්නත් ලබාදීම සිදු කෙරේ.

මෙම කොවිඩ් එන්නත් ලබාදීමේ අවස්ථාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ,ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ යන මහත්වරු හෙට දිනයේ නීරීක්ෂණය කිරීමට නියමිතටය.