ඹක්සිජන් හයිෆ්ලෝ මැෂින් 04ක් කොවිඩ් මර්ධනයට...
කොවිඩ් වසංගතය හේතුවෙන් රෝගීවන ජනතාවට අවශ්‍යවන වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට රුපියල් මිලියන 3.2ක පුද්ගලික ධනපරිත්‍යාගයෙන් රෝහල් පද්ධතියට අවශ්‍ය වන අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී වෛද්‍යතිලක පරිත්‍යාග කරයි.
එහිදී මහතා ඉදිරිපත්වෙමින් ඔක්සිජන් හයිෆ්ලෝ තෙරපි යන්ත්‍ර 04ක් රෝහල් පද්ධතිය වෙත මිළදී ගැනීම සදහා එම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැරකර ඇති අතර ඒ බව සනිටුහන් කරමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම් එස්.ඒ.ධර්මවර්ධන මහතා විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේදී එය නිල වශයෙන් ඉදිරිපත් කරන ලදි.
සිය පුරවැසි වගකීම නිසිලෙස ඉටුකරමින් කොවිඩ් වසංගතය ආරම්භවූ මුල්කාලයේ සිටම සිය පුද්ගලික ධන පරිත්‍යාගයන් ලබාදෙමින් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට මීට පෙරද වෛද්‍යතිලක මහතා කටයුතු කර ඇති අතර මෙවර කොවිඩ් ආසාදනය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙත අවශ්‍ය කරන ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර 04ක් බලපිටිය රෝහල ඇතුලු රෝහල් 04කට ලබාදීමට අවශ්‍ය මුදල් පරිත්‍යාග සිදුකර තිබේ .
කොවිඩ් වසංගතය හේතුවෙන් සිය පරිත්‍යාගය සිදුකිරීමට වෛද්‍යතිලක මහතා නොපැමිණියද එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගය කොවිඩ් 19න් ජනතාව ආරක්ෂා කරගැනීමට මහත් පිටිවහලක් වන බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරිය එතුමා වෙත සිය කෘතවේදීත්වය පලකරන බව මෙහිදී සදහන් කළාය.