ඉදිරි දෙසතිය තුළ පළමු මාත්‍රාව ලබාදී අවසන්....

srilanka health sanjaya mohottala
By Nimal Jul 05, 2021 12:18 PM GMT
Report

  ඉදිරි දෙසතිය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියළුම කර්මාන්ත ශාලා වල කාර්ය මණ්ඩලයට පළමු මාත්‍රාව ලබා දී අවසන් කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

මෙසේ පළමු මාත්‍රාව ඉදිරි දෙසතිය තුළ ලබා දීමත් සමගින් ලබන මස අවසානයට පෙර දෙවන මාත්‍රාව ලබා දී එන්නත් කරණය සම්පූර්ණ කරන බවද සංජය මොහොට්ටාල මහතා වැඩි දුරටත් පැවසුවේය.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන්ට අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙනස් වන බවත් , (04) නිකුත් කළ නව මාර්ගෝපදේශයන් අනුව සියළුම කර්මාන්ත ශාලා නිෂ්පාදන ක්‍රියාවලියේ තවදුරටත් නිරත වන බව හෙතෙම පැවසුවේය.

කටුනායක නිදහස් වෙළද කලාපයේ රුපියල් මිලියන 25 ක වියදමින් ස්ථාපිත කර ඇති කොවිඩ් අතර මැදි සත්කාර මධ්‍යස්ථානය ආසාදිතයින් සදහා ආරම්භ කරමින් මොහොට්ටාල මහතා මේ බව පැවසිය. ඇදවල් 500කින් සමන්විත මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය සියළු පහසුකම් වලින් සමන්විතය.ඉදිරි දෙසතිය තුළ පළමු මාත්‍රාව ලබාදී අවසන්.... | Srilanka Health

වෛද්‍යවරුන්ට හා සේවක කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියළුම පහසුකම්ද මිට ඇතුලත්ය. නිදහස් වෙළද කලාප නිෂ්පාදන සංගමය මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 10 ක් ලබා දී ඇත. ගම්පහ ජාතික තරුණ සේවා සභාව ඇදන් 100 ක් පරිත්‍යාග කෙරිණි. ක්‍රිස්ටල් මාර්ටින් සමාගම සත්කාර මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති පරිශ්‍රය ලබා දෙමින් තවත් අනුග්‍රහයන් රැසක් ලබා දී ඇත.

මේ වනවිට ආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කෙරේ. සියළුම ආයෝජන කලාප තු ළ කොවිඩ් 19 එන්නත්කරණය සාර්ථකව සිදු කරමින් පවතී.ඊයේ (4) වන විට මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 60 කට වැඩි පිරිසකට එන්නත ලබා දීමට හැකි විය.

මේ වන විටත් නැගෙනහිර පලාතේ ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියළුම ආයතනයන් හි සේවක පිරිස් සම්පූර්ණයෙන් එන්නත්කරණය කර අවසන්ය. උතුරු පලාතේ එය සියයට 85 ක් පමණ එන්නත් කරණය අවසන් බවද පැවසුවේය. කටුනායක වෙළද කලාපයේ ස්ථාපිත කළ කොවිඩ් අතරමැදි සත්කාරක මධ්‍යස්ථානය මීගමුව මහ රෝහල මෙම මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ප්‍රතිකාර භාරව ක්‍රියා කරයි.සත්කාර මධ්‍යස්ථානයට ඇතුලත් කරන සෑම ආසාධිතයෙකුම ඔහුගේ ආහාර,ඖෂධ,නවාතැන් හා අනෙකුත් පහසුකම් වෙනුවෙන් දිනකට රුපියල් 1500 ක මුදලක් ගෙවිය යුතුය.

මෙම මුදල ඔහු සේවය කරන ආයතය මගින් මෙම මධ්‍යස්ථානයට ගෙවිය යුතු වේ. මෙම අවස්ථාවට එක් වෙමින් නිදහස් වෙළද කලාප නිෂ්පාදන සංගමයේ සභාපති ජිතේන්ද්‍ර බියිලා මෙරට කර්මාන්ත හිමියන් නිෂ්පාදන ක්‍රියාවලියේ දී සේවක ආරක්ෂාව හා සුබසාධනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බව පැවසීය. පවතින ගෝලිය වසංගත තත්ත්වය යටතේ සියළුම රටවල් විශාල අර්බුදයන් රැසකට මුහුණ දී ඇතත් සියළු දෙනා එක්ව මෙම අර්බුදය ජය ගත යුතුව ඇති බව පැවසීය.

නිදහස් වෙළද කලාප නිෂ්පාදන සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවතින තත්වය මත කර්මාන්ත හිමියන්ට මෙම වසංගතයෙන් මිදීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වි ඇතත්,ජාතික වගකිමක් ලෙස සලකා සේවක රැකියා සුරක්ෂිත තාවයත් අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යාමත් සිදු කරන බව පැවසීය.

මෙම අවස්ථාවට ක්‍රිස්ටල් මාර්ටින් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි මාර්ක් මුලර්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන,විධායක අධ්‍යක්ෂ එම්.කේ.ඩී. ලෝරන්ස්,මීගමුව මහ රෝහලේ වෛද්‍ය නිර්මලා යෝගනාදන් යන මහත්ම මහත්මින් සහභාගි වූහ.