19 හැවිරිදි කේරළයේ කසියාට ඉන්දියානු රූ රැජින කිරුළ හිමිවෙයි [VIDEO]

Report

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් නියෝජනය කරමින් අවසන් වටයට එක්වූ තරගකාරියන් 52 දෙනෙකු අභිබවා යමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත. ජයග්‍රාහිකාව තෝරාගැනීමේ අවසන් තරගය ඉරිදා ජායිපූර්හි Zee Studios හිදී පැවැත්වූ අතර, Miss Universe India 2025 කිරුළ හිමිකරගත් මානිකා විශ්වකර්මා විසින් නව ජයග්‍රාහිකාවට කිරුළ පළඳවන ලදී.

ඒ අනුව, කසියා ලිස් මෙජෝ නොවැම්බර් මාසයේ පුවර්ටෝ රිකෝහි පැවැත්වීමට නියමිත 75 වැනි Miss Universe තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කිරීමට නියමිතය.

ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙම අවස්ථාව තමන් වසර තුනකට වැඩි කාලයක් පුරා කැපවී බලාපොරොත්තු වූ සිහිනයක් බවයි. එම කිරුළ කේරළයට රැගෙන යාමත්, තම උපන් ප්‍රදේශය ලෝකයට හඳුන්වාදීමට හැකිවීමත් පිළිබඳව ඇය මහත් සතුටට පත්වන බවද සඳහන් කළාය.

වයස අවුරුදු 19කදී මෙවැනි දැවැන්ත වේදිකාවකට පැමිණීම තමන්ට විශාල අභියෝගයක් වූ බව පවසන කසියා, තමන් මුහුණ දුන් විශාලතම අරගලය වූයේ තමන් පිළිබඳව විශ්වාසය ගොඩනගා ගැනීම බවද පැවසුවාය.

ඒ සඳහා විශාල ධෛර්යයක් සහ ආත්ම විශ්වාසයක් අවශ්‍ය වූ බවද ඇය සඳහන් කළාය. ඇගේ ඉදිරි ප්‍රධාන අරමුණ ලෙස ඇය පෙන්වා දී ඇත්තේ Miss Universe කිරුළ ඉන්දියාවට රැගෙන ඒමයි.

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් අර්ජුනත් එක්වෙයි – හිටපු ක්‍රිකට් නායකයන්ගෙන් පකිස්ථාන අගමැතිට ලිපියක්

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් අර්ජුනත් එක්වෙයි – හිටපු ක්‍රිකට් නායකයන්ගෙන් පකිස්ථාන අගමැතිට ලිපියක්

තමන් කරන සෑම කාර්යයකදීම ඉන්දියාව සහ කේරළය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය. මෙවර තරගයේ විනිශ්චය මණ්ඩලයට ඉන්දියාවේ පළමු Miss Universe කිරුළ හිමිකරගත් සුෂ්මිතා සෙන්, හිටපු Miss Universe India ජයග්‍රාහිකා උර්වෂි රවුටෙලා, Miss Universe India 2024 රියා සිංහා සහ පරිසරවේදිනියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන ප්‍රග්‍යා කපූර් ඇතුළත් වූහ.

හිටපු Miss India Universe සහ Miss Universe අනුශූරියක වූ සෙලීනා ජේට්ලිද විනිශ්චය මණ්ඩලයට එක්ව සිටියාය. මෙහිදී වෛෂ්ණවි ගනේෂ් පළමු අනුශූරිය ලෙසත්, Miss International India 2026 ලෙසත් තේරී පත්වූ අතර, අනුශ්‍රී සතාව්ලේකර් දෙවැනි අනුශූරිය බවට පත්විය.

තේජස්විනී ශ්‍රීවාස්තව තෙවැනි අනුශූරිය ලෙසත්, අනුභා වෂිෂ්ට් චෞද්රි සිව්වැනි අනුශූරිය ලෙසත් තේරී පත්වූහ.

GEN Z ඡන්දය දිනාගන්න රාහුල් ගාන්ධිගේ විලාසිතාව වෙනස් වෙයි

GEN Z ඡන්දය දිනාගන්න රාහුල් ගාන්ධිගේ විලාසිතාව වෙනස් වෙයි