අලි - මිනිස් ගැටුමට විසඳුම් දෙන්න වනජීවී දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ ලොකුම තෑග්ග- වාහන 294ක් ක්ෂේත්‍රයට
ඉතිහාසයේ ප්‍රථම වතාවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාහන 294ක් අලි – මිනිස් ගැටුම වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලීන්, අලි මංකඩ අවහිර වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වූ බරපතල සමාජීය හා ආර්ථික අර්බුදයක්ව පවතී.
මෙයට තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට ගරු ජනාධිපතිතුමාගේ සෘජු මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශය සහ අදාළ ආයතන එක්ව විද්‍යාත්මක පදනමකින් යුතු ස්ථිරසාර වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත
ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දුන් මානව හා භෞතික සම්පත් හිඟයට පිළියමක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ මෙතෙක් ලබා දුන් වැඩිම වාහන ප්‍රමාණය එනම් වාහන 294ක් නව රජය විසින් ලබා දී ඇති බව සදහන් වේ
ඒ අනුව, • ඩබල් කැබ් රථ 16 ක් • සිංගල් කැබ් රථ 84 ක් • යතුරුපැදි: 181 • ට්‍රැක්ටර්: 9 යි (අත් ටැක්ටර් 1ක් සහ කෲ කැබ් 3ක් ලබා දීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතිනවා) තවද අලි වැට සහායකයින් බඳවා ගැනීමෙන් සහ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් ස්ථිර කරමින් ආයතනයේ මානව සම්පතද ශක්තිමත් කර ඇති බවත් සදහන් වේ අලි – මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පදනම සහ රජයේ මැදිහත්වීම ඉටුකර ඇති අතර මේ සඳහා ඉදිරියටත් කඩිනම් මැදිහත්වීම් සිදු කරනු බව වැඩිදුරත් ප්‍රකාශ කර ඇත