රු.මිලියන 1.4ක් වටිනා බයිපැප් යන්ත්‍රයක් මහ‌ රෝහලට ..

srilanka health sudarsane prenandu pulle
By Nimal Jul 01, 2021 12:15 PM GMT
Nimal

Nimal

Report

නාවික බඳවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමය (Association of Seafarer Recruiting Agents – ASRA) කොවිඩ් ආසාදිත වූ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේදී භාවිතා කිරීමට අවශ්‍යවන රු.මිලියන 1.4ක් වටිනා බයිපැප් නවීනතම යන්ත්‍රයක් මාතර මහ රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (01) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.රු.මිලියන 1.4ක් වටිනා බයිපැප් යන්ත්‍රයක්  මහ‌ රෝහලට .. | Srilanka Health

රුපියල් මිලියන 1.4ක් වටිනා BiPap Mobile Type වර්ගයේ යන්ත්‍රයක් මෙසේ පරිත්‍යාග කෙරුණු අතර එය නාවික බදවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමයේ (ASRA) සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා විසින් මාතර මහ රෝහලේ ඖෂධවේදී සී.එස්.රාජපක්ෂ මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

16000කට අධික සක්‍රීය සීමන් සක්‍යතාවක් සහිත ඩොලර් මිලියන 500ක වාර්ෂික ආදායමක් රටට විදේශ විනිමය ලෙස ගෙන ඒමට සෘජුව මැදිහත්වන ආයතනයක් ලෙස නාවික බදවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමය මාතර රෝහලට අද දින සිදුකළ මෙම ප්‍රදානය කොවිඩ් මර්දනය සදහා ඉතා වැදගත්වන බව මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කලාය.

කොවිඩ් තුන්වෙනි රැල්ල තිබෙන මේ අත්‍යාවශ්‍ය මොහොතේ රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් ඉදිරිපත්වීම පිළිබදව රජය වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බව මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරිය සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල හිටපු නාවික හමුදාපති අද්මිරල් තිසර සමරසිංහ, නාවික බදවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් වන කැප්ටන් රොහාන් කොඩිප්පිලි, ජගත් පෙරේරා, සුරින්ද ද ආබෲ, සුජීව සේනාරත්න, කාලිංග ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.