මෙරට රැඳී සිටින විදෙස් කොන්සල් ජනරාල්වරුන් ගෙන් ඉල්ලීමක් ....
srilanka
foreign
dines gunawardana
By Nimal
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
කොළඹ නේවාසිකව සිටින පිලිපීනය, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, සීචෙලිස්, ඉක්වදෝර් හා පෝලන්ඩ් යන රටවල් නියෝජනය කරන කොන්සල්වරු ඉකුත් 2 වනදා විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කෙළේය.
නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහිත ශ්‍රී ලංකා රජය විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් මිත්‍රශීලිව කටයුතු කරන නිසා ඒ ඒ රටවල සහය ලබා ගැනීමට පහසු වී ඇති බව ද ඒඅනුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යපාරික කටයුතු වලදී සහය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
You may like this video
