සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපකරණ- අසරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදුන් අයුරු.....

SRILANKA EXERCISE Capilakumarasinha
By Nimal May 29, 2021 10:25 AM GMT
Nimal

Nimal

Report

වෙසක් පොහොයට සමගාමීව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණවු ජනතාව ශත්කිමත් කිරීමේ අරමුණින් රෝහල් දෙකකට හා අසරණ ජනතාවට රුපියල් ලක්ෂ දෙලහක් (1200 000/-)වටිනා අත්‍යවශ්‍ය උපකරණ හා වෛද්‍ය උපකරණ තොගයක් පුගොඩ සුරාබදු නිලධාරීහු පරිත්‍යාග කළහ.සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපකරණ- අසරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදුන් අයුරු..... | Srilanka Exercise

මෙහිදී රදාවාන හා වතුපිටිවල රොහල්වල  කොරෝනා ප්‍රතිකාර වාට්ටු සදහා ලක්ෂ හයක ( 600,000/= ) වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් බෙදා දෙන ලදී . 

නැදුන්ගොල්ල හා   දියවාල ග්‍රාම නිළධාරි වසම්වල අඩු ආදායම් ලාභි පවුල් 75ක් තෝරාගෙන එක් අඩුආදයම් ලාභියකු සදහා රුපියල් අටදහසක් (රු.8000/- )වටිනා බඩු මල්ලක් බැගින්, රුපියල් ලක්ෂ හයක ( 600,000/= ) වටිනාකමකින් යුත් බඩු මළු බෙදා දීම කොවිඩ් 19 වැළක්වීමේ සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන් පිළිපදිමින් සිදු කළ බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපකරණ- අසරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදුන් අයුරු..... | Srilanka Exercise

පුගොඩ සුරාබදු ස්ථානාධිපති, කේ.පී.එස් පතිරණ මහතා ඇතුළු පුගොඩ සුරාබදු ස්ථානයේ නිලධාරීන් වතුපිටිවල හා රදාවාන රෝහල් වෙත ගොස් අදාල බලධාරීන් හා වෛද්‍ය නිලධාරින් සමග සාකච්ජා කොට අදාල රෝහල් වලට තිබු අඩුපාඩු හදුනා ගැනීමෙන් පසුව මෙසේ වෛද්‍ය උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපකරණ- අසරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදුන් අයුරු..... | Srilanka Exercise

පරිත්‍යාග ශීලීන්ගෙන් ලද අධාර මත මෙම පුණ්‍ය කර්මය සිදු කළ අතර මෙහිදී වතුපිටිවල රෝහල සදහා යකඩ ඇදන් 20 ක් ,මෙට්ට 20 ක්,කොට්ට 20 ක් ,මදුරු දැල් 20ක් ,ඇද ඇතිරිලි ,තුවා ,ඹක්සිජන් මැනීමේ උපකරණ,ඇමතුම් උපකරණ (වෝකිටෝකියෝ) දෙකක් ලබාදුන් බවද පුගොඩ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.පී.එස් පතිරණ මහතා පවසයි.සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපකරණ- අසරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදුන් අයුරු..... | Srilanka Exercise

සුරාබදු කොමසාරිස් ⁣ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේ සහභාගිත්වයෙන්, බස්නාහිර පලාත(III) සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර හා ගම්පහ සුරාබදු අධිකාරි ලක්ෂ්මන් පෙරේ⁣රා යන මහත්වරුන්ගේ උපදෙස් මත, පුගොඩ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක කේ.පී.එස්. පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ,පුගොඩ සුරාබදු නිළධාරින් හා දොම්පේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය , ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිගේ සංවිධානයෙන් , රදාවාන රොහලේ වෛද්‍ය අධිකාරිතුමා, ජා-ඇල සුරාබදු අධිකාරි ආර්.ඒ.ඩී .ඉන්ද්‍රනාත් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පුගොඩ සුරාබදු ස්ථානයේදී මෙම පුණ්‍ය කර්මය සිදු කළහ.