ආදි වාසින්ට ඉංග්රීසි ඉගැන්වීමේ ක්රමවේදයක්..
By Sithumi
දඹාන ආදිවාසී දරු දැරියන්ට නොමිලේ ඉංග්රීසි භාෂාව ඉගැන්වීමට පිළිවෙලක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ ඉල්ලීම පරිදි දඹාන සංචාරක පොලීසියේ මැදිහත් වීම මතයි මෙම ඉංග්රීසි ඉගැන්වීම් වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ.
ආදිවාසීන් මුනගැසීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සමග සහභාගීවන ඇතැම් සංචාරක මගපෙන්වන්නන් ඔවුන්ට වාසිදායක ලෙස භාෂාව හසුරුවන නිසා ආදිවාසීන් මෙසේ ඉංග්රීසි භාෂාව හදාරන බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.