“මම කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ, බලනවා තමුසේ කරපු දේ” - අනියම් සැමියාගේ ඇගිලි සෙල්ලමෙන් අනියම් බිරිඳට රෝහල් ගතවෙන්න සිද්ද වුණු කතාව
රෑ මැදියමේ නිවසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් පසුගියදා කන්දකැටිය පොලිසියෙන් වාර්තා වුණා.
ඇය ප්‍රදේශයේ ගම්බද කාන්තාවක් වන අතර සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ තනිවම වන අතර මැදියම් රැය ආසන්න වෙද්දී නිවස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම තිබූ ඇඳ ඇතිරිල්ලක් පොරවාගත් කිසිවකු නිවස තුළ සැඟවී සිටින බවකි.
ඇය මඳක් විමසිලිමත් වූවා. තවත් මොහොතක් ගෙවී යද්දී ඇඳ ඇතිරිල්ල යට සැඟව සිටි පුද්ගලයා ඇය ළඟට පැමිණියේ අයුතු යෝජනාවක් කරමින්. කිසිදු කලබලයක් නොපෙන්වූ ඇය එක්වරම අමුත්තාගේ අතක ඇඟිල්ලක් ගෙන කටේ දමා හැපුවේ හොර මනමාලයා අන්දමන්ද කරමිනි.
නොසිතූ මොහොතක ලද ප්‍රතිචාරයෙන් කලබලයටත් දැඩි වේදනාවටත් පත් හොර මනමාලයා මර ලතෝනි දෙමින් කළුවරේම පැන දිව්වේ කරන්නට අන් යමක් නො වූ හෙයිනි. ඉන් නොනැවතුණු කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් දෙමින් සිද්ධිය දැනුම්දීමටද අමතක නොකළා.
ඒ අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීන් රාත්‍රියේම ඇයගේ නිවෙස සොයා ගිය ද පැමිණි පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් හෝ දැනගන්නට නොලැබිණා.
සිද්ධියෙන් නොනැවතුණු ඇය පසුදින ප්‍රදේශයේ රෝහල කරා පැමිණ ඇඟිල්ලක් නැති පුද්ගලයකු බෙහෙත් දමා ගැනීමට පැමිණියේදැයි රෝහල් කාර්ය මණ්ඩලයෙන් ද විමසා ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.
කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.