නිවසකට පැන සිදුකළ දෙයක් නිසා සිව්දෙනෙක් අත්තඩංගුවට..

By Sithumi Oct 29, 2022 11:17 AM GMT
Sithumi

Sithumi

Report

ගිනිඅවියක් සහ කඩුවක් අතැතිව නිවසකට ඇතුළුවූ සිව්දෙනෙක් කොල්ලයක් සිදුකර තිබේ. කොල්ලකරුවන් විසින් නිවැසියන් බියගන්වා එසේ නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් කොල්ලකා පළාගොස් ඇත.  

මෙම සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) පෙරවරුවේ කුරුවිට ගලහිටිය ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කුරුවිට පොලීසිය ගලහිටිය ප්‍රදේශයේදී සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කර ඇති අතර එහිදී කොල්ලය සිදුකර පළායමින් සිටි සැකකරුවන් සිව්දෙනා ඔවුන් බවට හඳුනාගෙන ඇත.  

ඒ අනුව සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, කඩුවක්, විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 8,000ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30,31 සහ 40 යන වයස්වල පසුවන්නන්ය