ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට තවත් අවමන්සහගත පරාජයක්.... සමාජ මාධ්‍යවල පල වූ පින්තුර

By Wasantha Jun 27, 2021 06:16 AM GMT
Wasantha

Wasantha

Report

දිගින් දිගටම ආසාර්ථක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ තවත් අවමන් සහහගත පරාජයක් ලැබුවා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය 3ට බින්දුවක් ලෙස දරුණු පරාජයක් ලබමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට තවත් අවමන්සහගත පරාජයක්.... සමාජ මාධ්‍යවල පල වූ පින්තුර | Srilanka Criket 

ඊයේ පැවති තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 89කින් ජය ජය ගත්තා. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය මෙම තරගයේදීත් සුපුරුදු පරිදි දක්නට ලැබුණා.

පාසල් ක්‍රිකට් ක්‍රිඩකයින්ටත් වඩා අන්ත ආකාරයෙන් පිතිකරණයේ යෙදුනු ශ්‍රී ලංකා පිතිකරුවන් තමන් පහර එල්ල කරන දිසාව කුමක්දැයි තෝරා බේරාගත නොහැකිව ලොවක් ඉදිරියේ අසරණ වන ආකාරයක්ද ඊයේ තරගයේ දක්නට ලැබීම කනාගටුවෙන් වුවද සදහන් කළ යුතුයි. තෙවන වරටත් කාසියේ වාසිය දිනා ගත් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ තරගයේදි පළමුවෙන් පන්දුයැවිමට තීරණයේ කළේ වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දුයවන්නන් තඹයකටවත් මායිම් නොකළ එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 6ක් දැවි ලකුණු් 180ක් රැස් කිරීමට සමත්වුණා. ඩාවිඩ් මලාන් ලකුණු 76 යි.

මෙම තරගයේදී මෙරට ක්‍රීඩාලෝලීන්ට යම් තරමකින් හෝ සතුටට පත්වීමට හැකිවූයේ දුෂ්මන්ත චමීරගේ පන්දුයැවිම පිළිබදවයි. විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සිය හොදම පන්දුයැවීම සනිටුහන් කළ දුෂ්මන්ත චමීර ඊයේ තරගයේදි ලකුණු 17කට කඩුලු 4ක් බිද හෙළිමට සමත්වුණා. බිනුර ප්‍රනාන්දු ලකුණු 26කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

රටවල් රැසක ලීග් තරගාවලි අත්දැකිම් ඇති ඉසුරු උදාන ක්‍රියාත්මක කළ පන්දුවාර 4දී ලකුණු 55ක් රැස් කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත්වීම කැපී පෙනුනා. ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලදරු කණ්ඩායමක් සේ පිතිකරණයේ යෙදෙමින් මෙම තරගයේදී ශ්‍රී ලංකා අභිමානය බින්දුවට දැමුවේ මෙරට ක්‍රිඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 91ක සීමා කළ එංගලන්ත පන්දු යවන්නන් මෙම තරගය පහසුවෙන් ජය ගැනිමට සමත්වුණා.

මෙම තරගයේදි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට කැද වු බිනුර ප්‍රනාන්දුයි. ඔහු පන්දු 14කදි ලකුණු 20ක් රැස් කිරීමට සමත්වුණා.

ඕෂද ප්‍රනාන්දු පන්දු 27ක් වැය කරමින් ලකුණු 19ක් රැස් කළේ දියාරු පිතිහරඹයක නිරත වෙමින්. ඊයේ තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු ක්‍රීඩා විලාශය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින්ගේද හාස්‍යට ලක්වුණා. ශ්‍රී ලංකා ඉනිමේ දී නිලකුණු පන්දු 74ක් සටහන් වීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයට කදිම නිදසුනක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now



ReeCha