ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුණේ ? එංගලන්ත සුපිරි ක්‍රීඩකයාගෙන් ප්‍රශ්නයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට වැටී ඇති තත්ත්වය පිළිබදව ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.
කෙසේ වෙතත් මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ඨ පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබෙනවා. එහි ඔහු ප්‍රශ්න කරමින් සඳහන් කර ඇත්තේ ලෝක යුද්ධයකට වුවද යා හැකි අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයි සිටි ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද යන්නයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට වැටී ඇති අසීරු පිළිබඳව ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ඉතා අවදානයකින් බලා සිටින බව කවුරුත් දන්නා කරුණක්.
මේ අතර දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අමිහිරි ලෝක වාර්තාවකට උරුමකම් කියන්නට සිදුවුණා. ඒ, මෙතෙක් ලොව වැඩිම එක්දින තරඟ පරාජයන් සංඛ්‍යාවක් උරුමකරගත් රට බවට පත්වෙමින්. ඒ අනුව ශ්‍රී ලංකාව එම සටහනේ පළමු ස්ථානයේ වැජබෙන්නේ එක්දින තරඟ 428ක් පරාජයට පත්වෙමින්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරඟ ඉතිහාසය දෙස හැරී බලනවිට 1975 වසරේ සිට 2021 වසරේ මේදක්වා කාලය තුල එක්දින තරඟ 860කට සහභාගී වී තිබෙනවා. එම තරඟ 860න් තරඟ 438ක් පරාජය වී ඇති අතර ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 390ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
