දීපම් තෙල් මුවාවෙන් ගෙන්වු ගිතෙල් තොගයක් රේගුවේදී අත්අඩංගුවට...(PHOTO)
ඉන්දියාවේ සිට මෙරටට දීපම් තෙල් වශයෙන් ආනයනය කර තිබු බහාලුමක් පරික්ෂාකිරිමේදී එහි තිබී රුපියල් 2,842,500/= වටිනා ගිතෙල් තෙල් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ සමත්වී ඇත.
ආදල කන්ටේනරය ඊයේ ඔරුගොඩ වත්තේ පිහිටි ශ්‍රී ලංකා රේගුවේ RCT බහාලුම් පරීක්ෂණ අංගනයේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී දීපම් තෙල් වශයෙන් ඉදිරිපත් කල කෑන් 100 ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ ගිතෙල් තොගයක් සොයා ගැනීමට සමත්වු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා මහතා පවසයි.
එහි ගිතෙල් කිලෝග්‍රෑම් 1500 ක් අඩංගු වූ අතර එම ගිතෙල් තොගයේ වෙළඳපොළ වටිනාකම රු. 2,842,500/= බවට තක්සේරු කර තිබෙන අතර මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට රු. 1,320,000/= අහිමි වීමට තිබූ ආදායමක් අහිමි වන බවද සුදන්ත සිල්වා මහතා පවසයි.
කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (28) විශේෂ පරීක්ෂාවට ලක් කරන ලදි.
මෙම අඩි 20 බහාලුම සිංගප්පූරුවේ සිටින ව්‍යාපාරිකයකු විසින් මෙරට ව්‍යාපාරිකයා වෙත ඉන්දියාවේ කට්ටුපල්ලි නමැති වරායේ සිට පැමිණි වරාඩා නමැති නෞකාවෙන් 18.06.2021 දින මෙරටට ඒවා තිබුණා. එම භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආනයන කරු විසින් ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කල රේගු සටහන්කරයේ එම ආනයන තුළ ඕට්ස් කිලෝග්‍රෑම් 120 ක්, පූජා කුඩු කිලෝග්‍රෑම් 2500 ක් සහ දීපම් තෙල් කෑන් 1600 අඩංගු වන බව සඳහන් කර තිබුණා.
එම භාණ්ඩ තොගයේ වටිනාකම් රු. 3,941,334/= වශයෙන් රේගු සටහන්කරයේ සඳහන් වූ අතර ඒ සඳහා රු. 2,428,252/= ක මුදලක් ආනයන බදු වශයෙන් ගෙවා තිබුණා. මෙම බහාලුම ඊයේ දින රේගු නිලධාරීන් විසින් ඔරුගොඩ වත්තේ පිහිටි ශ්‍රී ලංකා රේගුවේ RCT බහාලුම් පරීක්ෂණ අංගනයේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී දීපම් තෙල් වශයෙන් ඉදිරිපත් කල කෑන් 100 ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ ගිතෙල් තොගයක් සොයා ගනු ලැබුවා.
එහි ගිතෙල් කිලෝග්‍රෑම් 1500 ක් අඩංගු වූ අතර එම ගිතෙල් තොගයේ තොගයක් සොයා ගැනීමට රේගුනිලධාරීන් සමත්වී තිබිණ.
මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට වැඩිදුර රාජසන්තක කිරීම් හෝ දඩ පැනවීමට නියමිතයි
