පා පැදි 38 ක් සොරකම් කළ පුද්ගලයෙකු හසු වූ හැටි..

By Sithumi Oct 01, 2022 03:43 PM GMT
Sithumi

Sithumi

Report

සොරකම් කරන ලද පාපැදි 38 ක් සමග ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව කියන කියන මොහු ඒ සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ගම්පහ සහ යක්කල ප්‍රදේශයන්හිදී මෙම පාපැදි සොරා ගෙන අඩු මිලට අලෙවි කර සහ උකස් කොට තිබියදී සැකකරුගේ පාපොච්ඡාරණයන්ට අනුව සොයාගත් බවත් පොලීසිය පවසයි.

මෙලෙස සොරාගෙන අලෙවි කර තිබූ යතුරු පැදි කිහිපයක මිල රුපියල් ලක්ෂය ,අසූ දහස පමණ වන බවත් මෙම පාපැදි අතුරින් හිමිකරුවන් 21 හදුනා ගෙන ඇති බවද පොලීසිය කියයි. සැකකරු අත් අඩංගුවට ගත් අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් තිබී ඇත.

ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතු අනුව ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන් මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන්වන රොෂාන් (12839), පේමලාල් (32795),කොස්තාපල්වරුන් සම්පත් (1458), මාලින්ද ( 39627) සහ ජයසිංහ (80951) යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.