වෙසක් පෝදා සිදු කළ පුණ්‍ය කර්මයක් ......
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් භෝපාල් හි පිහිටි යුනෙස්කෝ උරුමයක් ලෙස නම් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතු නිදන් කොට ඇති සාංචි චෛත්‍යය පුද බිම කේන්ද්‍රකරගත් කුඩා සාංචි නගරය සහ ඒ අවට කුඩා ගම්මානවල ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවක් මේ වන විට කෝවිඩ් වසංගතය හේතුවෙන් ඉතාම අසරණ තත්ත්වයට පත් වී ඇත.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි වියට්නාමයේ බෝධි චිත්තා තෙරණියගේ සහ වියට්නාම් බෞද්ධ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම පවුල් සහ සාංචි පුදබිමේ කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල බෙදා දීම පසුගිය වෙසක් පොහෝ දා සිදු කෙරිණ.
මහනුවර ගාමිණී අභයරත්න මහතාගේ සහ සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් යුක්තව සිදු කළ මෙම සමාජ සත්කාර වැඩසටහනට අනුව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සි හිමියන් විසින් සාංචි ගම්වාසීන් වෙත එම ආහාර ද්‍රව්‍ය කට්ටල බෙදාදීම සිදු කළ හ.