ඇෆ්ගන් ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයට මොකද වුණේ..?

By Sithumi Nov 27, 2022 04:27 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. 

 ඒ හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු  2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 228ක් රැස් කළා.

එම ඉනිම වෙනුවෙන් රහ්මත් ෂා ලකුණු 58ක් සහ සහ රහ්මනුල්ලා ගුරුබාස් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණා. එමෙන්ම පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3ක් දවාගත් අතර  මහිෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 229ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 2යි පන්දු 4ක් තුළ ලකුණු 10ක් රැස්කරගෙන  සිටියදී තරගයට වාර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.