යේමනයේ පාසැලක පැවති උත්සවයක් අතරතුර 78ක් මරුට
යේමනයේ Sanaa අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇති බව CNN පුවත් සේවය මෙන්ම රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබෙනවා.
සෙනඟ අතර සිටි පුද්ගලයෙක් අහස දෙසට තිබූ වෙඩිල්ලක් විදුලි රැහැනක වැදීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් මොවුන් මිය ගිය බවයි කෙසේවෙතත් BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ එක් පුද්ගලයෙකුට ඩොලර් 9 ක් බැගින් වූ ආධාර ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනතාව මෙම පාසලට එකතු වී ඇති බවයි. Houthi කැරලිකරුවන් 2015 වසරේ දී රජය පලවා හැරීමෙන් පසු නගරය පාලනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.
ආධාර බෙදා හැරීමට වගකිවයුත්තන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. බොහෝ පුද්ගලයින් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් Sanaa හි සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |