ශ්‍රී පාදය වඳින්න ආ මහා සෙනඟ

Sri Lanka Police Sri Lanka Hatton
By Zara Mar 12, 2025 11:47 AM GMT
Zara

Zara

Report

ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ වන්දනා කරුවන් විශාල ප්‍රමාණයක්පැ මිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

හෙට (13) දිනට යෙදී තිබෙන පසලොස්වක පෝය හේතුවෙන් මෙසේ වන්දනා කරුවන් රැසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

නලල්තන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පි.එස්.වීරසේකර පවසන්නේ.

එසේ වන්දනා කරුවන් පැමිණෙන වාහන ගාල් කිරීමට පහසුකම් සලසා ඇති බවත්, වන්දනා කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බවයි.

මේ අතර මත්පැන් පානය කර සහ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලැස්මක් දියත්කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

එසේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා සහ නල්ලතන්නිය සිට ආපසු හැටන් දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට හැටන් ලංගම ඩිපෝව මගින් සෑම දුම්රිය වාරයකදීම ලංගම බස් රථ ගණනාවක් ධාවනට එක් කර ඇති බවද හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු පැවසුවා. 

සිරිකොත ඇවිලේ... රනිල් මානසීකව දැවේ...උණුසුම් තත්ත්වයක් (VIDEO)

සිරිකොත ඇවිලේ... රනිල් මානසීකව දැවේ...උණුසුම් තත්ත්වයක් (VIDEO)

දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය

දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය

ReeCha