මෙරට ක්‍රිකට් ලෝලීන්ට සතුටු හිතෙන සුබ බලාපොරොත්තුවක් - වෙන්න යන දේ මෙන්න..

Sri Lanka Politician Cricket Sri Lanka Cricket Harin Fernando International Cricket Council
By krishani Dec 03, 2023 10:02 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වාර්තා වන්නේ එළඹෙන සතිය වන විට ක්‍රිකට් තහනම සම්පූර්ණයෙන් ඉවත් වනු ඇති බවයි.

එම තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග  නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සෘජුව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

මෙරට ක්‍රිකට් ලෝලීන්ට සතුටු හිතෙන සුබ බලාපොරොත්තුවක් - වෙන්න යන දේ මෙන්න.. | Sri Lankas Cricket Ban

කෙසේ වෙතත්, ඒ අනුව එම කවුන්සිලයෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම් කර තිබේ.

දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිල දී ගැනීමට නියමිතව ඇත.

සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ළංසුවක්..

සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ළංසුවක්..


ReeCha