යුද උණුසුම මැද ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක් යවයි. - හේතුව මෙන්න.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන පරිදි ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී අත්සන් තබා ඇත.
මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙනවා.
එම පුවත්පත වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය හැර දමා ගොස් ඇති බවත් තවත් කෘෂි කර්මාන්තයේ නියැලි පලස්තීන සේවකයන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති බවත්, එම හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු සේවක හිඟයක් ඇති වී තිබෙන බවත්ය.
මේ අතර පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ ප්‍රහාරයේදී විදේශීය සේවකයන් දුසිම් ගණනක් හමාස් සටන්කාමීන් මරා දැමූ බවත් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවත් වම වාර්තා වල දැක්වේ.
මෙලෙස එළඹී ගිවිසුමට අනුව එළඹෙන සති කිහිපයේදී ශ්‍රී ලාංකික සේවකයන් ඊශ්‍රායලයට පැමිණෙනු ඇති බවත් සඳහන්.
