මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම..

Report

සිංගප්පූරු රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම.. | Sri Lankan Recruits For Singapore Police

ඒ සිංගප්පූරු පොලීසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමටයි.

මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණයක් ඊයේ (16) ආරම්භ කළේ ය.

එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේ දී පැවැත්වෙනු ලැබිණ.

මාර්ගගතව ක්‍රමය ඔස්සේ https://forms.gle/8DzuH5LUooxg4czE6 හරහා අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම IELTS පරීක්ෂණයෙන් 4.5ක ප්‍රතිශතයක් ලබා තිබිය යුතු වේ.

වීසා ගැන ගත් අලුත්ම තීරණය මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..(PHOTOS)

වීසා ගැන ගත් අලුත්ම තීරණය මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..(PHOTOS)


එමෙන්ම, අයදුම්කරුවන් අවුරුදු 25ත් – 35ත් අතර වයසේ පසුවිය යුතු ද වනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112 – 800407 ඔස්සේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි වේ.