තේ කෝප්පයත් නැතිවන ලකුණු... තේ කර්මාන්තශාලා රැසක වැඩ නවතී...

Tea Gagana news Tea factories Secretary to the Ministry of Plantation Industries
By Subodha Mar 31, 2022 09:28 AM GMT
Subodha

Subodha

Report

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්තශාලා රැසක මෙහෙයුම් කටයුතු මේ වනවිට නතර කර තිබේ.

වතු අධිකාරීවරුන් ප්‍රකාශ කළේ, විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටලු පැන නැගී ඇති බවයි.

සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය.

වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කර විශේෂ ක්‍රමවේදයක් යටතේ තේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now