ප්‍රවේශමෙන්...! ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය 112ක් වෙළෙඳ පොළට.

Gagana news Non-standard food items National Audit Office Superintendent of Consumer Affairs
By Subodha Mar 12, 2022 06:43 AM GMT
Subodha

Subodha

Report

ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී ඇතැයි  ජාතික විගණන කාර්යාලයේ විශේෂ වාර්තාවක සඳහන් වේ.

මේ භාණ්ඩ නියමිත ප්‍රමිතියෙන් හා පිරිවිතරයන්ගෙන් තොර බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ පරීක්ෂණවලදී තහවුරුවී තිබියදී ඒවා තහනමට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කර නැතැයි තොරතුරු අනාවරණයවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සාම්පල 112 නියමිත ප්‍රමිතියෙන් තොර බව තහවුරුවී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාම්පල 299ක් සම්බන්ධයෙන් 2020 වර්ෂයේදී පැවැත්වූ පරීක්ෂණයකදීය.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කළ විමසුමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධානීන් පවසා ඇත්තේ නියැදි පරීක්ෂාවන්ගෙන් අහිතකර ප්‍රතිඵල ලැබුණත් එම භාණ්ඩ තොග රඳවා ගැනීමට හෝ තහනමට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් ප්‍රතිපාදන සැලසී නැති බවයි.

මේ අතර රසායනාගාර පරීක්ෂණ සඳහා මිල පාලනයක් ඇති කර තිබුණද එහි ප්‍රතිඵල පාරිභෝගිකයා අතරට ගිය බවට සමීක්ෂණ කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කිසිදු වැටලීමක් කර නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම මිල පාලනය ඇති කරනු ලැබ තිබුණේ 2020 ජුලි 29 දිනැති අංක 2186/17 දරණ ගැසට් පත්‍රය මගිනි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now